Daaru (nawakatha)

Replies: 6 - Views: 55

RoSHeN_FDo: 01/11/20 - 10:08:52
(Daaru) 1 weni kotasa..


RoSHeN_FDo: 01/11/20 - 10:09:00
♛ ධාරූ ♛

🔅🔅කොටස් දෙකක කෙටි කතාවක්🔅🔅

☆꧁ පලමු කොටස ☆꧁

®️®️®️®️®️®️®️®️®️®️®️®️®️®️®️®️

සාජ්න් විකුම් ඇයි මේ ෆයිල් එක වහලා දාලා තියෙන්නේ ...

මන් රූධා ලෙස සදහන්ව තිබූ ෆයිල් එක සාජන්ට දික් කලේ, එය කිහිප වතාවක්ම පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

අදට මා මෙම පොලිස් ස්තානයේ වැඩ බාර ගෙන සති දෙකයි. ආපු දින සිට මා විසින් සිදු කලේ මෙම පොලිස් වසමට අයත් ගම්මාන නිරීක්ෂණය කිරීමය. නීතිය තිතට ඉටු කිරීම මගේ විදිය වේ. වැරදි කරනා කිසිවෙකුටත් මගෙන් ගැලවීමක් නම් නැත.

ඔය ෆයිල් එක නන් එච්චර බලන්න හොද ෆයිල් එකක් නෙමේ සර්... මොකද මීට කලින් ආව එස් අයි සර්ලා දෙන්නෙකුත් ඕක රී ඕපන් කරන්න ගිහින් ආවට ඉක්මනින් යන්න උනා සර්...

ඩ්‍රග්ස් ඩීල රූධා... එච්චර පවර්ෆුල් කෙනෙක්ද එතකොට...

ඔව් සර් ඒ කවුද කියන්න කවුරුත් දන්නේ නෑ ඒත් මේවාට ඩී අයි ජී සර්ත් සපොට් වගේ. අනික ඔය රූධා කියන්නේ මිනිස්ටර් කෙනෙක් කියලා තමා හැමෝම කියන්නේ නන්...

ඒකත්... එහෙමද... හ්ම්ම් හ්ම්ම් ගොඩක් ඉන්ට්‍රස් කේස් එකක් වගේ... බලමුකෝ මේ රූධා කවුද කියලා...

විකුම් එක්ක කතා කරමින් ඉන්න අතර තුර ඇතුලෙන් ඇහුනේ රන්ඩු වෙන සද්දයක්...

මොකක්ද අර සද්දේ...

අදත් පටන් අරන් වගේ... අපෝ සර් ඔය කුනු ගොඩටනන් අත දාන්න හිතන්නවත් එපා එච්චර වාතයක් ඔය ඇවිත් ඉන්නේ...

මොකක්... ඒ මොකද...

මන් පුටුවෙන් නැගිට දොර ආසන්නයටම ගිහින් බලා සිටියේ මේ වෙන දේ දිහාය.

මේ පැමිනිල්ල ලියාගන්නවද නැද්ද...

පීසී කෙනෙක් සමගින් විවාද කරමින් සිටියේ අවුරුදු විසි තුනක හතරක වගේ යුවතුයක් ඉන ගානට මෙන් තුබූ දුබුරුවන් කෙස් කලඹ, තලෙලු සම, සිහින් සිරුර, හරි අමුතු ලස්සනක් ඇගෙන් දිස් වුනේ...ඒ සියල්ලට වඩා ඈට තිබුනේම පුදුම තරමේ ඇට්ටර පෙනුමක්.

මේ ලමයෝ මන් මේ හොදින් කියන්නේ ඔය ලමයා ගේන හැම පැමිනිල්ලම ලියාගත්තනන් මේ වෙනකොට මේ පොත ඔය ලමයාගේ පැමිනිලි වලින්ම පිරිලා... කරුනාකරලා ගිහින් කතා කරලා ඔය ප්‍රශ්නය විසදගන්න. පොඩි දේවල් වලට මේක අස්සට දුවන් එන්නේ නැතුව...

පොඩි ප්‍රශ්න... මේක පොඩි ප්‍රශ්නයක්ද මේ යකා හැප්පුවේ මගේ බබාව. එයාව හොදටම හීරීලා...හැබැයි පීසී මහත්තයෝ මේ පැමිනිල්ල ලියාගත්තේ නැත්තන් මන් යනවා මානව හිමිකම් එකට...

මොකද්ද පීසී මෙතන වෙන්නේ...

සර් මේ... මේ...

මන් බලාගෙන හිටියේ මෙතන වෙන දේ දිහා. ඇයි මේ ලමයගේ පැමිනිල්ල ලියාගන්නේ නැත්තේ... එයාගේ බබාටත් තුවාලයි කිවුවා නේද...

මන් පීසීගෙන් එහෙම අහන ගමන් එක වරම මගේ නෙතු ගියේ එම යුවතිය වෙතටය. පීසීගේ මේසයට හේත්තූ වී කම්මුලට අතක් තියන් මද සිනහවකින් ඇය මා දෙසම බලා සිටී...

මේ මොන විකාරයක්ද... ලෙස හිතන ගමන්

බබා හොස්පිටල් එකේද...

මා ඇයගෙන් විමසුවේ බැරිම තැනය.

එහෙත් එයට පිලිතුරු බැන්දේනම් ඇය පසෙකින් උන් තරුනයයි.

අනේ සර් එතන බබෙක් හිටියේ නෑ සර් දෙයියම්පා...

එහෙනන් මේ ගර්ල් කිව්වේ එයාගේ බාබාට තුවලා කලා කියලා...

එස් අයි මහත්තයා මේ කෙල්ල දැන් දවස් හතර පහක ඉදන් එනවා කාත් එක්ක හරි වාහනේ හප්පගෙන... ඔය බබා බබා කියන්නේ මේ කෙල්ලගේ ස්කූටරේට. අනික මහ අලාබානීයකුත් නෑ ඇහැට පේන්න නැති හීරීම් පාරවල් තියෙන්නේ...

පීසී සිල්වා පැහැදිලි කරද්දී දැනුනේ ඉවසිය නොහැකි කේන්තියක්.

මේ අයිසේ නැගිටිනවා...

කෙල්ල ඇසුත් ලොකු කරන් මා ඉදිරියෙන් හිට ගත්තේ බය වෙලා වගේ

තමුන්ගේ නම මොකද්ද

ධාරූ...

අහනවා මිස් ධාරූ ආයේම සැරයක් ඔය වගේ බොරු දේවල් කියන් මෙතනට ආවොත් දානවා අල්ලලා කූඩුවට. මෙතන තියෙන්නේ තමුසෙලාගේ නාඩගම් බලන්න නෙමේ තේරුනාද... යනවා දැන් දෙන්නම මෙතනින්

පීසී ආයේ මේ කෙල්ල ආවෝත් මට ඉන්ෆෝම් කරන්න ඕනේ තේරූනාද..

හරි සර්

මන් එතනින් එන්නට හැරුනේ රූධාගේ කේස් එක ගැන විස්තර හොයාගන්න අරමුනෙන් වුනත්

හෙයි... හැන්සම්....

එකවරම අර යුවතිය මට කතා කලේ එතන සිටි සියල්ලන්ම පුදුමයෙන් බලන් ඉද්දී...

මිස්ට සයන් මිනාල් මොරොගොඩ... මන් මෙතනට හෙටත් එනවා. අනිද්දාත් එනවා. මට හිතෙන හැම වෙලාවකම එනවා... ඕකේ බේබී... ඕනේනන් මාව ඇතුලට දාන්න. නෝ ප්‍රොබ්ලම්...එහෙම උනොත් මට තවත් ලේසී... එතකොට මට ඔයා දිහාම බලන් හිටියකීනේ...

ඒ කියපු දේවලට වඩා ශොක් උනේ අවසානයේ ඈ කල දෙයටය. එක වරම ඇගේ දෙතොල් නැවතුනේ මා කම්මුලේය. උන දේ තේරුම් යනවිටත් ඈ ගොස් හමාරය.

මේකී එතකොට එන්නේ මගේ පස්සෙන්ද පිස්සු කේස් එකක්නේ මාවත් පිස්සු වට්ටනවා...

මා ගිහින් බර වුයේ මගේ අසුනටය.මෙතරම් කලෙකට නොවූ ලෙස හදවත අමුතු රිද්මයකට හඩ නගයි. ඇත්තෙන්ම ඇය නම් විසේකාරියක්.

®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️

විකුම් මන් කියපු ටික බැලුවද...

ඔව් සර්... මේ ටිකේ බඩු ගන්න තැනක්ම නෑලූ මොකද ෆෝසස් වලින් චෙක් කරන නිසා බ්ලැක් මාකට් තමා පුලුවන්. ගානත් ලේසී නෑ සර්. ඒත් හම්බුන විස්තර වලට අනුව ඉක්මනින් කිලෝ විස්සක් වගේ එන්න තියෙනවලූ පෙටා වලට තව සති දෙකක් ඇතුලත. ඒකත් රූධා හරහා...

හ්ම්ම්ම් ඒකත් එහෙමද... එහෙනන් එදායි දවස ඔය රූධාව ලංකාවම දකින. බලමු ඌ කවුරු උනත් මට අදාල නෑ... මන් ඌව අල්ල ගන්නවමයි.

ඒත් සර් අපි ඌව ඇරෙස්ට් කරත්...ඌ ලේසියෙන්ම නිදහස් වෙයි. අපිට ඉහලින් ඕඩර් එක ආපූ ගමන්... අපිට ඌව අත අරින්නම වෙනවානේ සර්...

කවුද මේව ලොක්කන්ට කිය කිය කරන්නේ...බන්. අපි කරන්නේ අල්ලන එක විතරයි... මීඩීයා වලින් ඉතුරු ටික බලාගනී... ඒ වගේම අපේ කාව හරිත් දාලා මේ දේවල් වීඩීයෝ කරලා සෝශල් මීඩීයා වලට දාන්න ඕනේ...මොකද දැන් ලොකු තැනක් සෝශල් මීඩීයාස් වලට තියෙනවා...උන් ඕක පට්ට ගහන්න ගත්තම ආයේ නවත්තන්නේ නෑනේ... අනිවාර්යයෙනම එතකොට මේ ගැන පියවරක් මහ සෙට් එකට ගන්නම වෙයි.

ඒක නන් මරු අයිඩියා එක සර්

මෙහි වැඩ බාර ගෙන මාසයක් කල් පිරෙද්දීම මට රූධා පිලිබද බොහෝ කරුනු එක රැස් කරගැනීමට හැකි විය. මට ඇවැසිම ඔහුව කෙසේ හෝ වටලා ගනීමටය.

ෆයිල් එක පාරික්ෂා කරමින් සිටින අතර තුර නාද උන දුරකතය අතට ගත්තේ සිනහවක් නැගෙද්දීය...

මැනික ❤

මෙම මාසය ඇතුලත ජීවීතයට ආදරයේ දොරටුවද විවර විය...එයත් ධාරූත් සමග. ඇය නම් ඇත්තෙන්ම මායාවක්...මෙතරක් කාලේකට කිසිවෙකුට ඇතුලු වන්නට නොහැකි වුන මේ හිතට, ඇය ඇතුල් වූයේ එක මොහොතකිනි.

හෙලෝ...

පොලිස් මහත්තයට මාව මතක් වෙන්නෙත් නෑ නේද දැන්...

ගත් සැටියේම ඇගේ නෝක්කාඩු වදන්ය.රූධාගේ වැටලීම සම්බන්ධයෙන් කරුනු එකතු කිරීමට දින දෙකක්ම යොදන්නට වූවායින් ඇය සමග කතා කිරීමටවත් නොහැකි විය.

ඔව් ඉතින් මට ගෑනු නලෝනවට මට පඩි ගෙවන්නේ නෑනේ රජයෙන්...

ඔයා මහ හොද නෑ ගස් වැද්දා... මාත් මොකට කර ගැහුවද මන්දා මෙහෙම කරුමෙකට...ආයේ මන් ගනීද බලමුකෝ...හ්ම්ම්

අපෝ මගේ කැත කෙල්ලට තරහා ගිහින්නේ...අහන්නකෝ බබෝ අද මන් හවසට එනවා ඒ නිසා තරහා ගන්නේ නැතුව මගේ හොද කෙල්ල වගේ මට රසම රස කෑමක් හදලා තියන්නකෝ...හාද

අනේ ඇත්තමද... ඔන්න එහෙනන් එන්නම ඕනේ මන් බලන් ඉන්නවා හරිද...

හරි මැනික අනිවාර්යයෙන් එනවා අද...
.
.
විකුම්...

ඔව් සර්...

මන් අද ටිකක් කලින් යනවා... උබ පොඩ්ඩක් ඇලට් එකේ ඉදපන්... මේ ෆයිල් එක කාගේ අතටවත් යන්න බෑ එහෙම උනොත් තවත් අමාරු වෙයි මේක. අද හම්බෙන්න තියෙන ඩීටේල්ස් ටිකත් දාලා මට ගෙනත් දීපන් කොල්ලෝ...මන් ධාරූගේ ගෙදර ඉන්නේ ටිකක් රෑ වෙනකන්. උබට යමින් ගමන් දීගෙන ගියාකිනේ...

මන් ඔහු අත තැබුවේ මෙතෙක් කල් අප විසින් රූධා පිලිබද එක් කල සියලු තොරතුරු ඇතුලත් ෆයිල් එකය.

හරි සර් මන් එහෙම කරන්නන්

®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️

අයියා...

ම්ම්ම්

අද ඉන්නකෝ මෙහේ...

එහෙම හොද නෑනේ මැනික...

විනාඩියක් දෙන්න මැනික...කොල් එකක්

කියපන් විකුමා....
.
.
.

හරී හතට විතරනේ අවුලක් නෑ... ඒ ටයිම් එකට මන් මෙහේ ඉන්නේ... ඔය ෆයිල් එකත් එක්කම රූධාගේ කලින් ෆයිල් එකත් ඕනේ කොල්ලෝ ඒකත් මතක ඇතුව ගෙනෙන්... මේ දවස් දෙකට මට ඒක ගැන බලන්න පුලුවන් වෙයි ෆ්‍රී නිසා...
.
.
.
හරී විකුම්

කෝල් එක අවසන් වන තෙක් සිටි ඈ එකවරම බනින්නට ගත්තේ නෝක්කාඩුවෙන්

මොකක්ද අනේ...හුග දවසකින් ආවෙත් ඔයා... ඒ ඇවිල්ලත් ෆෝන් එක බදන් ඉන්නවා...හ්ම්ම්

අම්මෝ හරි මගේ බෝම්බේ... මේන් මන් ෆෝන් එක පැත්තකින් තිබ්බා...හරිනේ

අනේ යනවා මෝඩයා යන්න...මන් ටී එකක් හදන් එන්නන් ඔයා වොශ් එකක් දාගන්න ගිහින්.

ඇය කාමරයෙන් පිට වූ පසු මා ගියේ නාන කාමරය වෙතටය.ගතේ මහන්සිය යන්නත් එක්ක ඇග පත සෝදන් සැහැල්ලු ඇදුමකට මාරූ වුනේ රෑ වෙන තුරුම යුනිෆෝම් එකෙන් සිටීම අපහසු බැවිනි.

ඔයා ඇදුම් මාරු කරලා ඉවරද...

ඇයි මාරු කරන්නද ආවේ...

අනේ මේ...

මා ලගින් ඉවත වන්නට ගිය ඇයව ඇදේ පෙරලා ගත්තේ තදින් තුරුලු කරගනින්මින්. හිස කෙස් මතින් එන නැවුම් සුවදත් ඇගේ වතින් හමන විලවුන් සුවදත් මා මත් කරන්නට විය. මා සෙමින් සෙමින් බර වූනේ ඇගේ නා දලු වන් දෙතොල් මතටය. සෙමින් සෙමින් ඒ තුල ගිල්වුන මා ඒ ලවන් තුල දග කරන්නට උනේ ඇගේද නොබද සහයත් සමගිනි.

සොදුරු මොහොතකට ආශ්වාදය සපයන්නට මෙන් එක වරම වර්ශාවක්ද ඇද හැලුනේ හැගීම් එකින් එක අප තුල උපද්දවමිනි. සියලු බැමි අමතක කොට අනූරාගී හෝරාවක් ගෙවා දැමුවේ මත් උන හැගුම් එකින් එක රිසි සේ පිට කර හරිමින්ය.

සිතට දැනුනේ වරදකාරී හැගුමකි.

සොරි මැනික...

ශ්ශ්ශ්... එකට කමක් නෑ...මේ කවදා උනත් වෙන්න තියෙන දේනේ...

හ්ම්ම්ම් ඉක්මනින් අපි මැරි කරමු...ඉක්මනින්ම.

රූධාගේ මිශන් එකෙන් පසු ඇයත් සමග විවාහ විය යුතු බව මා සිතටම පොරොන්දු දුන්නෙමි.

ඉන් පසු හෝරා කිහිපයක්ම ඇගේ උනුසුමේ නින්ද ගියේ නොදැනුවත්මය. එකවරම ගැස්සී මෙන් ඇහැරුනේ රූධාගේ ෆයිල් එක සිහි වීය. වෙලාව දුටු පසු දැනුනේ මා ගැනම කේන්තියකි. රෑ දහයත් පසු වීය.

ශිට් හොදටම නින්ද ගියාගේ විකුම් ආවද දන්නෙත් නෑ....

මා දුරකතනය සෙව්වද එය මෙහි නොවීය...ආ සැටියේ... ටේබල් ලෑම්ප් එක ලගින් තිබ්බා මතකය. හිස කේ පිටු පසට අදිමින් ඒ මේ අත ගියේ නොසන්සුන්වය. ඇය හා පැටියෙන් මෙන් ගුලි වී නිදා සිටින විදියට නැගිට්ටන්නටද ලෝබය. විකුම් පැමින හැරී යන්නට ඇත.

ඔයා නැගිට්ටද... හොදටම රෑත් වෙලා නේද...ඉන්න මන් කෑම මොනාහරි හදන්නන් ඉක්මනින්...

ඇය අවදිව ඇත.

බබා මගේ ෆෝන් එක නෑනේ... මන් මෙතන තිබ්බේ...

අහ්හ් ඒක මන් හැන්ගුවා... නැත්තන් මල වදේ ආව වෙලේ ඉදන් කෝල් එනවා එනවා කිසිම නිදහසක් නෑ...හ්ම්ම්

මහ ලොකු වැඩක් කලා සේ සිනා සිසී කියනා විට ආ කේන්තිය පාලනය කරගත්තේ අමාරුවෙනි.

ඉක්මනින් දෙන්න මට හදිසි පනිවිඩයක් දෙන්න තියෙනවා...

දුරකතනය අතට ගත් සැටියේ දුටුවේ මග හැරුනු ඇමතුම් ගනනය. එය සීයකට ආසන්නය. ඒත් සමගින්ම ආවේ පීසී සිල්වාගෙන් ඇමතුමකි.

හෙලෝ සිල්වා...

සර් විකුම් සර් ගැන සර්ට දැන ගන්න ලැබුනද...

නෑ සිල්වා මොකද්ද ප්‍රශ්නේ...

කවුදෝ කට්ටියක් විකුම් සර්ට ගහලා සර්...විකුම් සර් හේමාස් හොස්පිටල් එකේ ඉන්නේ දැන් ...වත්තලදී තමා සර් මේ සිද්දිය වෙලා තියෙන්නේ...

ඔහ්හ් ශිට් මට ෆයිල් එක දෙන්න එද්දි මේක වෙන්න ඇත්තේ.. ඒ රූධාගේ කට්ටියක්වත්ද ඒත් මේ ෆයිල් එක ගැන දන්නේ මායී විකුමුයි විතරනේ... ශිට් මට විකුම් කෝල් කීයක් නන් අරන්ද...

අයියේ...ඔයා යන්නද අනේ ඉන්නකෝ...

මා යන්නට සැරසුන මොහොතේ ඈ මා බද හරහා අත යවා පපවට හිස තබන් එලෙස කියන්නට විය. ඒත් ඇයත් සමග දැනුනේ කේන්තියකි.

මේ ධාරූ මාව කේන්ති ගස්සන්නේ නැතුව අයින් වෙනවා...විකාර කරලා එනවා මෙතන නැලවෙන්න...

ඇයව ගනනටවත් නොගෙන මා ගියේ හේමාස් රෝහල කරාය.

®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️ ®️

සතියක් ගෙවී ගියේ ඇසි පිය සලන පමාවටය. විකුම් සුව වී එන තෙන් මා කලේ රූධා ලගින් ඇසුරු කර ඇති යුවතියක් ලුහු බැදීමය. ඇය මා එලූ ප්‍රේම දැලේ හරී අපූරුවට හසු විය.

බබාහ් අපි යමුකෝ අද ෆිල්ම් එකක් බලන්න...ම්ම්ම්

වියතක් පමන දිග කෙටි ගවුමක් හැද, ඕනාවටත් වඩා මූනේ මේකප් උලන් සිටින ඇයව දකිද්දී දැනුමේ මහ අප්‍රසන්න හැගීමකී.
ඇය එන්නේම ඇගේ නගින්නටය. මිශන් එකට අවශ්‍යම තොරතුරු මැයගෙන් ලබාගැනීමට අවැසි නිසාම සියල්ල ඉවසා සිටියේ ඉතාමත් අපහසුවෙනි.

අපි වෙන දවසක යමුද බබා.. තව ටිකකින් මන් ඩ් අයි ජීව මීට් වෙන්න යන්න ඕනේ...

ඔහ්හ් ගෝඩ් බේබී... ඔයා හැමදාම ඔහොමමයි... වැඩ කියාගත්ත ගමන්මයි ඉන්නේ...අපිට එන්ජෝයී කරන්නවත් ටයිම් එකක් නෑනේ බේබී...

තොල් උල් කර කියන ගමන් නැග්ගේ මගේ බේල්ලටය. ඇමතුමක් ආව නිසාම ඇගෙන් බේරිනි. ඇයට ඇත්තේ එතරම් අසහනයකි.මෙවන් ගෑනූ... ගෑනූ සංහතියටම නිගාවකි.

හෙලෝ

තිරය දෙසවත් නොබලා මා ඇමතිමට සම්බන්ද උනේ ඇගෙන් බේරීමටය.

අයියේ...

එහා පසින් ආ කටහඩට මට හීන් දාඩීය දැමීය. ඒ කතා කලේ දාරූය.

කි කියන්න...

ඔයා කොහෙද ඉන්නේ මට මීට් වෙන්න ඕනේ

එදා සිදුවීමෙන් පසු ඇයව මුන ගැසීමටවත් මා හට කාලයක් නොවීය විකුම්ගේ ඇසනීප තත්වයත් එක්ක සියලු වැඩ පැටවුනේ මගේ කරපිටය.

මන් එන්නන් දැන් මන් ඩී අයි ජීව මීට් වෙන්න ඇවිත් ඉන්නේ...

හ්ම්ම් එහෙමද...

ඔව් පස්සේ කෝල් එකක් මන් ගන්නන්. බායි

මා ඉක්මනින් ඇමතුම අවසන් කලේ අර මල හෝන්තුව කුමක් හෝ විගඩමක් නැටුවහොත් කියාය.

බේබී අපි යමුකෝ වෙහිකල් එකට මෙතන මිනිස්සුත් ගොඩක් ඉන්නවා කිස් එකක් වත් දෙන්න විදියක් නෑ මෙතන ඉදන්

ඇය සිටි බෙන්ච් එක මත වාඩී වූ වහාම ඈ පැමිනියේ මගේ උකුල මතටය. අත් බෙල්ල වටා දාමාගෙන බර වුනේ මගේ දෙතොලටය. කලබලයෙම් මා ඇයව ඉවත් කලේ අප සිටින්නේ ජනාකීර්ණ පෙදෙසක බැවිනි. මේ සිද්දිය කවරුන් හෝ දුටුවාද කියා වට පිට බැලූ මට දුටු දෙයින් හිස මත අකුණු දහසක් පුපුරන්නට විය...

ධාරූ...

තොල් වලින් පමනක් එම නම මා හට කියවින.

දෑස් වල කදුලු පුරවන් අසරන බැල්මකින් ඈ මා දෙසම බලා සිටින්නීය. ඇය අසලට යන්නටවත් පය එසවුනේ නැත.කකුල් පවා හිරී වැටීය. දැනුනේ හුස්ම හිර වන බවකි. ත්‍රීරෝද රතයකට අත දමා ඈ අප වෙතිත් ඉවත් ගියේ හීයක වේගයෙනි.

මද වෙලාවක් නිහඩව සිට නැවත මා රංගනය ආරම්භ කලෙමි. ඇය දැනටම මා පිලිබද වරදවා වටහාගෙන අවසන්ය. ඇයව සනසන්න ගියොත් මේ අවස්තාව මග හැරෙනු ඇත. මේ අවස්තාව මග හැරුනොත් රූධා පිලිබද දැන ගැනීමට නොහැකි වනු ඇත. මේ මොහොතේ මා හදවතට වඩා මොලයට ඇහුම්කන් දුන්නෙමි.

ම්ම්ම් යමුද අපි මට ලේට් වෙනවා...

ඕකේ...ඔයා කියනවනන් යන්...

සොරි බේබී මේ රූධා කියන මිනිහා නිසා නිදහසක්ම නෑ මේ ටිකේ මට...

වට් රූධා... ඔයා මොකටද එයා ගැන හොයන්නේ...

ඩිපාට්මන්ට් එකේ ඕඩර්ස් නේ බේබී... මොනා කරන්නද විස්තර ටික ඉක්මනින් හොයලා දෙන්න ඕනේ...

මා හෙමින් අවශ්‍ය දේ ඇයට නොකියා පැවසීය.

ඔයාට රූධා ගැන නන් දන ගන්න ඕනේ මන් කියන්නන් සිම්පල් නේ...

ඔහ්හ් සීරියස්ලී ඔයා ඒ මිනිහා ගැන දන්නවද...

ම්ම්ම් ඇත්තෙන්ම නෑ...බට් එයා මිනිස්ට ශාක්‍යත් එක්ක කන්ටැක්ස් තියෙන නිසා මන් දන්නවා එයා ගැන....

ඒකත් එහෙමද...

ඔයාට ඕනේමනන් මිනිහව අල්ල ගන්න පුලුවන් තව දවස් දෙකකින්...

ඒ කොහොමද...බේබී

සිත තුල මල් වෙඩි පත්තු විය.

බදාදා රෑ දහයට විතර පෙටා වලට වත්තල ඉදන් බඩු වගයක් ගේනවා...ආරන්චි විදියටනන් රූධා තමා ගේන්නේ...

මා තවත් ඇගෙන් ඒ පිලිබද විස්තර අසාගෙනම ඇයව පිටත් කර හැරියෙමි.

දවස් දෙකක් ඉවසන්න මැනික පස්සේ මන් ඔයාට හැමදේම පැහැදිලි කරන්නන්...

දුරකතනය මත ඇති ධාරූගේ සේයාරූව දෙස බලා මා සිතින්ම කීය.
.
.
.
.

අවසන් කොටසින් හමුවෙමු.....❤

රමීෂා ඉද්දගොඩ


Sachidugayathra: 01/11/20 - 12:47:26
Meka Singlish Walin Kiyanna.


lahiru1: 01/11/20 - 17:23:49
Lassanai,,,


chutiya355: 01/11/20 - 17:25:31
.hafoi. kotu kotu kotu godaaaaaaaai .sad.


Next»
1/2

Home>Forums>**~** Nawa Katha Kiyawanno **~ Club
>...>Daaru (nawakatha)

ChatLanka 2013-2023